Saturday 12 October 2024

මාළු මිරිස් කට්ලට් - පුරවා බැදපු මාළු මිරිස්

 මෙම රෙසිපිය කටට සැරට මිරිස් වලට කැමැති අයටයි!


මාළු මිරිස් කට්ලට් - පුරවා බැදපු මාළු මිරිස් -Potchimes.com

මගේ අම්මා මේ රසවත් මාළු මිරිස් කට්ලට් විශේෂ අවස්ථා සඳහා සාදා දුන්නා තවමත් මතකයි. අපි ඒවාට කොච්චර ආසා කලාද කියනවනම් මිනිත්තු කිහිපයකින් මුළු පිගානම අවසන් කළෙමු! 

ඉතින් මෙන්න හරිම රෙසිපිය ඔයාලත් හදන්න බලන්න.

මාළු මිරිස් කට්ලට් - පුරවා බැදපු මාළු මිරිස් -Potchimes.com


අවශ්‍ය ද්‍රව්‍ය:

(සටහන: නිශ්චිත ප්‍රමාණයන් දීලා නැත්තේ ඔබට අවශ්‍ය ප්‍රමාණයට සාදා ගන්න හැකි නිසයි.  ඔබේ රුචිකත්වයට අනුව සකස් කරන්න.)

  • මාළු  මිරිස්
  • ළූණු 
  • ටින් කළ ටූනා හෝ ඕනෑම තම්බා ගත්  මාළු 
  • තැම්බූ අල 
  • ලුණු සහ  ගම්මිරිස්
  • මිරිස් කුඩු
  • කරි පවුඩ 
  • ලෙමන් යුෂ බින්දුවක්
  • කරපිංචා 
  • පාන් පිටි
  • කෝන් පිටි
  • බිත්තර 1ක් 
  • ලොකු ලූනු ගෙඩියක්
  • සුදුළූණු ,කරාබුනැටි
  • අමු මිරිස්
  • රන්වන් බිස්කට් කුඩු 
  • බැදීමට තෙල්

පිරවීම

  • පෑන් එකක තෙල් ස්වල්පයක් රත් කර කපාගත් ළූණු සහ සුදුළූණු බැද ගන්න කපාගත් අමු මිරිස් සහ තලාගත් කරපිංචා කොළ කිහිපයක් එකතු කරන්න පිසූ මාළු සහ පොඩි කළ තම්බාගත් අර්තාපල් කලවම් කරන්න
  • ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු මිශ්‍ර කරගෙන ලෙමන් යුෂ ටිකක් මිරිකා සියල්ල හොඳින් කලවම් කරන්න. ඔබේ පිරවීම සූදානම්!

ඔබේ පිරවීම සූදානම්!


මිරිස් සකස් කිරීම:
  • ප්‍රවේශමෙන් මිරිස් මැදින් කපා කුහරයක් සාදා ගන්න.
  • සකස් කළ මාළු සහ අර්තාපල් පිරවීම සෑම මාළු මිරිස් කරලක්ම පුරවන්න.
බැටර් එක සඳහා:
  • පිටි කෝප්ප භාගයක්, කෝන් පිටි, වතුර, කහ කුඩු ස්වල්පයක් සහ රස අනුව ලුණු මිශ්‍ර කරන්න. තරමක් දියර - නමුත් සාමාන්‍ය ඝන නොවන බැටරයක් ​​සාදා ගන්න
බැදීම:
  • පිරවූ මිරිස් බැටරයේ ගිල්වන්න
  • ඒවා පිටිවල රෝල් කරන්න
  • තෙල් රත් කර මිරිස් කරල රන්වන් පැහැ
වනතුරු බැද ගන්න.

Banana chilli


0 Comments:

Post a Comment