මේ රසවත් බටර්ස්කොච් කේක් එක ලේසියෙන් හදා ගන්න සම්පූර්ණ රෙසිපිය මෙන්න.
දිගු අමුද්‍රව්‍ය ලැයිස්තුවක් සහ ඒ හා සමානව දිගු උපදෙස් ලැයිස්තුවක් තිබුනත් බය වෙන්න දෙයක් නැහැ .ඔබ කල්තියා සංවිධානය වී ඇත්නම්, සියල්ල එකට එකතු කිරීම අපහසු කාර්යයක් නොවේ. සම්පූර්ණ රෙසිපිය අනුගමනය කිරීම පහසු කිරීම සඳහා, මම අදාළ පින්තූර සමඟ රෙසිපිය පියවරෙන් පියවර ලබා දී ඇත.
පළමුව රෙසිපිය කියවා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සටහන් කර ගෙන ඒවා සියල්ල එකතු කරගත් පසු කේක් එක සාදා ගන්න එක අමාරු නැහැ .
වැදගත්;
- ප්රලයින්,
- බටර්ස්කොච් සෝස් සහ
- ෆ්‍රොස්ටිං
දිනකට හෝ දෙකකට කලින් සාදා ශීතකරණයේ තබන්න.
- පෙර දින කේක් එක සාදා එය ක්ලින්ග් ෆිල්ම් එකක ඔතා තබන්න.
- මික්සර් පින් අධිශීතකරණයේ තබා මිශ්‍ර කරන බඳුන පිස දමා සම්පූර්ණයෙන්ම වියළී ඇති බවට වග බලා ගන්න.
- සෑම දෙයක්ම කල්තියා සූදානම් කර ඇති අතර, ඉතිරි කාර්යයන් ඔබට ඉතා පහසු වේ!
Step 1
Butterscotch බටස්කොච් සෝස් එක හදා ගන්න
අවශ්‍ය දේ :
- කෝප්ප 1/2 ඩබල් ක්‍රීම්
- (ග්‍රෑම් 100) 1/2 කෝප්ප සීනි
- (ග්‍රෑම් 50) 1/4 කෝප්ප බටර්
- 1 තේ හැදි කිරි
- පින්ච් 2 ලුණු
හදමු
- පෑන් එකක රන්වන් පාට වනතෙක් සීනි රත් කරන්න
- ක්‍රමයෙන් බටර් එකතු කරන්න
- ක්‍රීම් ටිකෙන් ටික එකතු කර ලුණු එකතු කරන්න
- සෝස් සාමාන්‍ය තරමට ඝන වන තෙක් කලවම් කරන්න (මිනිත්තු 10-15)
- වීදුරු භාජනයකට වත් කර සිසිල් වීමට ඉඩ දෙන්න
- සෝස් ඝන වැඩි නම්, තත්පර 30 ක් මයික්‍රෝවේව්වේ හෝ උණු වතුර තේ හැදි 1 ක් වත් කර හොඳින් මිශ්‍ර කරන්න.
Step 2
කේක් දෙක සාදා ගන්න
අවශ්‍ය ද්‍රව්‍ය:
250g සීනි
250g මාගරින් / බටර්
250g පිටි
4 බිත්තර
කෝප්ප 1/4 කිරි
1 තේ හැදි බේකින්කුඩු
පිංච් 3 ලුණු
1/2 තේ හැදි ලෙමන් යුෂ
2-3 තේ හැදි බටර්ස්කොච් සෝස්
අපි කේක් දෙක හදමු;
- උඳුන 180C ට සකසන්න - අවම වශයෙන් විනාඩි 10-15 ක් පෙර රත් කළ යුතුය
- සීනි සහ මාගරින් එකට ක්‍රීම් වන තෙක් විදුලි මික්සර් එකක් භාවිතා කර බීට් කරන්න - (විනාඩි 3 )
- බිත්තර එකින් එක එකතු කර එක් එක් එකතු කිරීමෙන් පසු බීට් කරන්න (එක් එක් බිත්තරයකට පසු විනාඩි 1)
- බටර්ස්කොච් සෝස් වත් කර එක් වටයක් බීට් කරන්න
- බේකින් කුඩු සමග පිටි මිශ්‍ර කර එකතු කරන්න. ලී හැන්දකින් මිශ්‍ර කරන්න
- ලුණු සහ ලෙමන් එකතු කරන්න
- කිරි වත් කරන්න
- ක්‍රීම් බැටර් එකක් වන තුරු සියල්ල එකට මිශ්‍ර කරන්න
- සමාන කොටස් 2 කට බෙදා වටකුරු තැටි දෙකක බේක් කරන්න (තැටි පාච්මන්ට් කඩදාසිවලින් ආවරණය කළ යුතුය)
- බේක් වූ පසු කේක් ටික එලියට ගෙන සිසිල් වීමට තබන්න.
- ඔබේ කේක් සූදානම්!
Step 3
Praline එක හදමු - පැණිරස රටකජු - කේක් එක සැරැසීමට
අවශ්‍ය දේ :
100g පොතු ඇරපු රටකජු
160g සීනි
1 තේ හැදිබටර්
2 පිංච් ලුණු
හදමු :
- රටකජු ලෙල්ලෙන් තොරව විය යුතුය. ඒවා දළ වශයෙන් අඹරන්න
- රන්වන් පාට වනතුරු සීනි රත් කරන්න - කලවම් නොකරන්න
- බටර් එකතු කර එය දිය වීමට ඉඩ දෙන්න
- වහාම රටකජු එකතු කරන්න
- රබර් spatula හෝ ලී හැන්දකින් ඉක්මනින් මිශ්‍ර කරන්න
- වහාම ලිපෙන් බාගෙන බටර් ගා ගත් තැටියක සමතලා කර නිවෙන්නට හරින්න
- ත්‍රිකෝණ කිහිපයක් කපා කේක් අලංකාර කිරීම සඳහා තබා ගන්න
- ඉතිරිය බෑගයක දමා රෝලිං පින් එකක් හෝ බෝතලයක් භාවිතයෙන් පොඩි කරන්න
- අවශ්‍ය වන තුරු භාජනයක ගබඩා කරන්න
- ඔබේ Praline සූදානම්
Step 4
ක්‍රීම් ෆ්රොස්ට් එක/ අයිසින් එක හදමු
වඩාත්ම වැදගත් වන්නේ මිශ්‍ර කරන බඳුන සහ මික්සර් පින් සීතල හා වියලි විය යුතුය. ඩබල් ක්‍රීම් කෙලින්ම ශීතකරණයෙන් ගත යුතුය (හොඳම ප්‍රතිඵල සඳහා මික්සර් පින් විනාඩි 5ක් අධි ශීතකරණයේ තබන්න)
අවශ්‍ය දේ ;
- 250ml ඩබල් ක්‍රීම්
- 4 තේ හැදි අයිසිං සීනි
ෆ්‍රොස්ටිං හදමු :
- ඩබල් ක්‍රීම් ඝන වනතුරු බීට් කරන්න (විනාඩි 2)
- ක්‍රමයෙන් අයිසිං සීනි එකතු කරන්න (පියවර තුනකින් ඉතා සුදුසුයි)
- හිම කඳු මුදුන් වගේ පෙණ නොවැටී සිටින තුරු බීට් කරන්න
- අවශ්‍ය වන තුරු ශීතකරණයේ ගබඩා කරන්න
- ක්‍රීම් ෆ්‍රොස්ටිං එකත් හරි
Step 5
කේක් දෙක සැන්ඩ්විච් කරමු
- කේක් දෙකෙන්ම උඩ ක්‍රස්ට් එක පාන් පිහියකින් සූරා ඉවත් කරන්න
- ස්ථාන කිහිපයක කේක් එකේ කූරක් භාවිතයෙන් කුඩා සිදුරු සාදන්න
- බටර්ස්කොච් සෝස් මේස හැදි 3 ක් සහ වතුර මේස හැදි 1 ක් මිශ්‍ර කර කේක් මත වත් කරන්න
- රවුම් කේක් ස්ටෑන්ඩ් එකක් මැදට ෆ්රොස්ට් හැන්දක් දමා ඒ මත රවුම් කේක් එකක් තබන්න
- උඩින් ෆ්රොස්ට් එක තවරා ගන්න
- අනෙක් රවුම් කේක් එක උඩින් තබා කේක් දෙකම සැන්ඩ්විච් කරන්න
- ඉහළ සහ පැතිවල ෆ්රොස්ට් තවරා
- කේක් වල පහළ තට්ටුව වටා ප්රලීන් ආලේප කරන්න
Step 6
කේක් එක අලංකාර කිරීම
- සෝස් පයිප් බෑගයකට ගෙන එය උස වීදුරුවක තබන්න
- පයිප් බෑගයේ කෙළවර කපා දමන්න
- කේක් එක උඩ රටා වට වත් කරන්න. සෝස් බිමට බැසීමට ඉඩ දෙන්න
- ප්රලයින් පහළ කෙළවරට දමා උඩින් ටිකක් ඉසිය යුතු ය
- ස්ට්‍රෝබෙරි හෝ සුදුසු පලතුරකින් අලංකාර කරන්න
- වටේට ප්රලීන් ත්‍රිකෝණයක් තබා තවත් ප්රලීන් කේක් එක මත ඉසිය යුතු ය
- අවශ්‍ය වන තෙක් කේක් ශීතකරණයේ තබන්න
- සෑම විටම පිටතට ගැනීමෙන් පසු එය නැවත ශීතකරණයේ තබන්න. මෙම කේක් ශීතකරණය තුළ දින 3-4 දක්වා පවතිනු ඇත
ඉතින් ඔන්න රසම රස බටස්කොච් කේක් එක හදලා ඉවරයි. බලන්නකෝ කටිටිය පුදුම වෙන හැටි රස බලලා.
0 Comments:
Post a Comment