ලම්ප් රයිස් / ලම්ප්‍රය්ස්
ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ ලන්දේසි - බර්ගර් ජනගහනය විසින් ශ්‍රී ලංකාවේ පාලන සමයේදී (1658-1796) වන අතර ලම්ප්ර්ර්ස් යන්නෙහි තේරුම "බත් පාර්සලය " යන්නයි.
මේ හැම දෙයක්ම එකම දවසේ හදනවාට වඩා මම යෝජනා කරන්නේ කලින් දවසේ බත් එක ඇරෙන්න සියලුම දේ සාදා ෆ්‍රිජ් එකේ දමා පසුව රත් කර බත් එකට එකතු කරන ලෙසයි. හැම දෙයක් ම උණුවෙන් තියෙන්න ඕන.
කිසිම අඩුවක් නැතුව සම්පුර්ණ රෙසිපිය පහල තියනවා. ඉතින් හදලා බලන්න .
1) චිකන් ස්ටොක් එක හදා ගන්න
චිකන් වල හම ටිකක් , කෑලි ටිකක්, කටු ටිකක්, ලුණු, කපාගත් කැරට් ගෙඩියක් , ලීක්ස් වල සුදු පාට කෑල්ල,බේ ලීව්ස් දෙකක් සුදුලූනු, ගම්මිරිස් ඇට 4, ලුණු සහ වතුර දමා හිමින් තම්බා ගන්න .
2)කට්ලට්
- කරාබුනැටි, කුරුඳු සහ එනසාල් පෑන් රෝස්ට් කරන්න
- සිහින් කුඩු බවට අඹරන්න
- සිහින්ව කපාගත් රතුළූණු, කපාගත් සුදුළූනු කරපිංචා, කුළු බඩු කුඩු දමා බැද ගන්න.
- (කට්ලට් වලට රතුළුණුම ගන්න. බීළූනු හරියන්නේ නැහැ. වතුර උනන ගතිය වැඩියි. )
- කපාගත් අමු මිරිස් සහ කෑලිමිරිස්, මිරිස් කුඩු ටිකක් එකතු කරන්න
- මාළු දමා හොඳින් කලවම් කරන්න. සෑම දෙයක්ම එකට එකතු වන තුරු ෆ්රයි කරන්න
- ඉන්පසු තම්බා පොඩි කරගත් අල එකතු කරන්න
- හොඳන් මිශ්‍ර කර ලෙමන් යුෂ බින්දු කිහිපයක් එකතු කරන්න
- දැන් සමාන ප්‍රමාණයේ බෝල සාදා ඒවා කොන් ෆ්ලා වල රෝල් කරන්න
- බිත්තර සුදු මද ගසා කට්ලට් බෝල එහි ගිල්වා පාන් කුඩු තවරන්න
- ෆ්ර්ය් කරන්න
3) චිකන් කරිය
- චිකන් වලට මිරිස්, කළු තුනපහ, ලුණු, විනාකිරි, දමා මැරිනෙට් කරන්න
- චිකන් ටික තෙල් ටිකක ෆ්‍රයි කරන්න. පැත්තකින් තියන්න.
- වෙනම පෑන එකක තෙල් රත් වන විට Ginger Garlic Paste/ ඉගුරු සුදුළුනු පේස්ට් දමන්න
- ලූණු, අමුමිරිස්, කරපිංචා, රම්පේ, කරාබු නැටි, එනසාල් දමාගන්න. ඔක්කොම ෆ්‍රයි කරන්න
- මිරිස් කුඩු , කළු තුනපහ කුඩු, කහ ටිකක් එකතු කරන්න
- ෆ්‍රයි කල චිකන් ටික දමන්න
- හොදින් ෆ්‍රයි කරගන්න
- උණු වතුර ටිකක් දමා විනාඩි කිහිපයක් ෆ්‍ර්ය් කරගෙන වසා උයාගන්න
- පොල්කිරි ටිකක් උඩින් දමා රම්පෙ, කරපිංචා දමා වසා අන්තිමට විනාඩි 3,4 ක් තැම්බෙන්න දෙන්න.
- චිකන් කරි එක තික් වට තියෙන්න ඕන.
4)අලුකෙසෙල් කරිය
- අලු කෙසෙල්හතරැස් වට කපාගන්න
- කහ හා ලුණු අතගා ගැඹුරු තෙලේ බැදගන්න.
- අලුකෙසෙල් වලට ලුණු, ලූණු, කරපිංචා, කහ, අමු තුනපහ, උලුහාල් ඇට, විනාකිරි ටිකක්, මිරිස් කුඩු පිංච් එකක්, අමුමිරිස් සමග පොල්කිරි දමා තම්බා ගන්න.
- අන්තිමට සීනි ටිකක් සහ සෝයා සෝස් බින්දු කිපයක් දමාගන්න.
5)වම්බටු කරිය
- වම්බටු දිගට කපාගන්න. කහ ලුණු දමා ගැඹුරු තෙලේ බැඳගන්න.තෙල් බේරෙන්න තියන්න (කහ, ලුනු, තෙල් වල මැරිනේට් කර Air-fryer එකේ බදින්නත් පුළුවන්)
- පෑන් එකක බටර් ටිකක් දාලා කජු බැදගන්න
- විනාකිරි ටිකකට අබ කුඩු දමා විනාඩි 10ක් තියන්න. ලුණු , සිනි දමා රස හදා ගන්න. ඉගුරු සුදුළුනු පේස්ට් දමන්න
- තෙල් රත් වෙන්න තියා රතුලූණු ගෙඩි පිටින් දමා ෆ්‍රයි කරන්න. දිගට පලා ගත් අමුමිරිස් ,කරපිංචා ,රම්පෙ දමා ගන්න
- කෑලි මිරිස් දාන්න
- පොල් කිරි ටිකක් දමා උතුරන විට විනාකිරි සෝස් එක දමාගන්න
- වම්බටු ටික දාන්න . පොඩි හැන්දකින් යන්තම් කවලම් කරන්න
- උඩින් කජු ටික දාන්න
- රස බලා අඩුනම් ලුණු , සීනි එකතු කරන්න
6)සීනි සම්බෝල
- ලූණු ඉතාම සිහින් වට පෙතිකපා සියඹලා ඉස්ම, ලුණු, සීනි, කෑලි මිරිස් දමා අතින් හොඳින් පොඩි කරන්න
- තෙල් වලට කරපිංචා හා රම්පෙ, කුරුඳු දමා ලූණු මිශ්‍රනයද දමා ෆ්‍රයි කරන්න
- කූණිස්සන් ටිකක් සෝදා ගෙන වෙනම තෙල් ටිකක ෆ්‍රයි කරගෙන මික්ස් කරන්න
7)බිත්තර ෆ්‍රයි
- බිත්තර තම්බන වතුරට ලුණු දමා විනාඩි 8 - 10 ක් තම්බා ගන්න
- ටූත් පික් එකකින් හිල් විද කහ ලුණු වල රෝල් කර තෙල් ටිකක බැද ගන්න
8)බත් එක
- සම්බා හාල් / සොනා මසූර් හාල් හොදින් හෝදලා විනාඩි 20ක් වතුරේ පෙගෙන්න තියන්න(බාස්මති හාල් හරි යන්නේ නැහැ )
- විනාඩි 20 පසුව වතුර ඔක්කොම බේරෙන්න තියන්න
- බටර් සහ තෙල් එකට රත් වෙනකොට ඉගුරු සුදු ලූණු පේස්ට් එක දමා දුඹුරු පාට වෙනකොට කරපිංචා, ලොකු රම්පේ , එනසාල්, කරාබුනැටි, කුරුදු ,ගම්මිරිස් ඇට, ලුණු ටිකක් දමා බැද ගන්න
- හාල් ටික දාලා විනාඩි 8ක් විතර ෆ්‍රයි කරන්න
- චිකන් ස්ටොක් එක උණුවෙන් දාන්න. ලුණු බලලා මදි නම් තව දාන්න. ස්ටොක් එක මදි නම් උනු වතුර ටිකක් දාන්න
- වහලා උයන්න. වතුර බෝයිල් වෙන විට හැදී ගාන්න
- බත් එක බේරි නොවී ලස්සනට තියෙන්න ඕන
කෙසෙල් කොලය තවා ගන්න
- කෙසෙල් කොලය ගිනි දැල්ලට අල්ලා තවා බත් එක බෙදා හොදින් ඔතා ගන්න
- විනාඩි 20කට පසු රස විදින්න
0 Comments:
Post a Comment